මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය- කසළ තේ යන නාමීකරණය පනතක් මගින් වෙනස් කිරීමට පියවර

    ජූනි 18, 2020

    මෙම අර්බුදකාරී සමය තුළ අපනයන ක්ෂේත්‍රය යථා තත්වයට පත් වන තුරු ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන රුපියල් 3.50 ක ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය .

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    වසර 137 ක් පමණ පැරණි කොළඹ තේ වෙන්දේසිය පසුගියදා අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පැවැත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ඔස්සේ අපනයන අවස්ථා රැසක් විවර වූ බවද සඳහන් කළේය. ඒ අනුව පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ඉහළම තේ මිළ වාර්තා වූ බව සඳහන් කළ අමාත්‍යවරයා අපනයන කරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් තාවකාලිව මෙම බදු ඉවත්කිරීම සිදු කළ බව පෙන්වා දුන්නේය.


    තවද ඉදිරියේදී කසළ තේ යන නාමීකරණය පනතක් මගින් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මෙහි සැබෑ අදහස වඩාත් පිරිපහදු කරන තේ යන්න මිස කසළ තේ නොවන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී වෙනස්කම් රැසක් සිදුකරමින්ගුණාත්මක භාවයෙන් ඉහළ තේ සාමාන්‍ය ජනතාවටද අත්විඳීමට ඉඩකඩ සළසා දෙනබව පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya