මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණයක්

    ජූනි 18, 2020

    සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

     

    කොවිඩ් වසංගතය හමුවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුද හමුවේ ඉතා පිරිමැසුම්දායක ලෙස රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු බැවින්, ඒ අනුව සෙනසුරාදා දිනයන්ගේ තැපෑල නැවැත්වීමට තීරණය කර තිබුණි.

    නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග එකඟතාවයකට පැමිණ ඇති වී තිබෙන මූල්‍ය දුෂ්කරතා හමුවේ කැපකිරීමක් කරමින් වැඩ කිරීමට තැපැල් සේවකයන් ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය වසංගත සමයේ අවධානමක් දරමින් ඖෂධ ප්‍රවාහනය කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් විශාල සේවාවක් ලබා දුන් බව අමාත්‍යවරයා කීය.

    විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් ගොඩ ගැසී තිබෙන බවට කරන චෝදනා අසාධාරණ බවත් ලෝකය පුරා ඇති වූ තත්වය හේතුවෙන් ගුවනින් එවන පාර්සල් පවා මුහුදු මාර්ගයෙන් එවා ඇති බවත් ඇතැම් පාර්සල්වල ලිපිනයන් පවා දියවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය ලෝකය පුරා ඇති වූ තත්වය හේතුවෙන් උද්ගත වූ ප්‍රශ්නයක් බව පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya