මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය පුහුණු ආයතන විවෘත කිරීම ජූලි 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ

    ජූනි 18, 2020

    නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සියල්ලම කෙරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස 14 වැනිදා සිට වසා දැමුණු අතර එලෙස වසා දැමුණු පුහුණු අයතන නැවත විවෘත කිරීම 2020 ජූලි මස 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිත ය.


    නැවත විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් සියලු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇත.
    පළමු අදියර යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය(VTA), ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය(SLBFE), ශ්‍රී ලංකා ජර්මානු අභ්‍යාස ආයතනය(CGTTI), කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ට (NAITA) අයත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල සිසුන් 50 ට අඩු සියළු මධ්‍යස්ථාන විවෘත කෙරෙයි.

    සිසුන් 50 ට වැඩි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන හා කාර්මික තාක්ෂණ විද්‍යාලවල අවසන් වසර පරීක්ෂණ සහ අවසන් පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන් සඳහා පමණක් පුහුණු කටයුතු හා පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙයි. එහිදී යම් මධ්‍යස්ථානයක සිටින සිසුන් සංඛ්‍යාව 50 ට වඩා වැඩි වන්නේ නම් සුදුසු පරිදි කොටස් වශයෙන් සිසුන් කැඳවීමට ද පියවර ගෙන ඇත. පුහුණු ආයතනවල ආපනශාලා පවත්වාගෙන යන්නේ නම් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් හා අදාල ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මත සිදුකිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානවලට උපදෙස් ලබා දී ඇත.ජාතික පුහුණු ආයතන,තාක්ෂණ ආයතන හෝ කාර්මික විද්‍යාලවල නේවාසිකාගාර පවත්වාගෙන යන්නේ නම් එම නේවාසිකාගාර ද මෙම උපදෙස් අනුව පවත්වාගෙන යන ලෙස දන්වා ඇත.

    විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊළඟ අදියර විවෘත කිරීම පිළිබඳ තීරණය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya