වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම ඇතුලු ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වතු සමාගම් හිමිකරුවන් සමඟ ( 17) පැවති සාකච්ඡාවේදි මෙම ඉල්ලීම සිදුකරනු ලැබිණි.
පසුගිය වසර කිහිපය තුළ වතු සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව වතු සමාගම් හිමිකරුවන් වෙත ප්‍රකාශ කළේය.
වතු සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වතු සමාගම් හිමිකරුවන් මෙම සාකච්ඡාවේදි අවසන් එකඟතාවයකට නොපැමිණි අතර කඩිනමින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා වතු සමාගම් හිමිකරුවන්ට අවධාරණය කළේය.
වතු සේවකයෙකුගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන තීරණාත්මක සාකච්ඡාව එළඹෙන බ්‍රහස්පතින්දා ( 25) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ,ලංකා කොංග්‍රසයේ නියෝජිතයින්, වැවිල් කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති බී.ඩී.අබේසූරිය, ශ්‍රි ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රිමාල් විජේසේකර,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ, හොරණ/තලවකැලේ/කැළණිවැලි වැවිලි සමගාමේ(හේලිස්) සභාපති ධම්මික පෙරේරා, මතුරට වැවිලි සමාගමේ සභාපති කිත්සිරි ගුණවර්ධන, කහවත්ත වැවිලි සමාගමේ සභාපති මෙරිල් ජේ.ප්‍රනානදු, තලවකැලේ/කැළණිවැලි/හොරණ වැවිලි සමාගමේ සභාපති ඒ.එම්.පණ්ඩිතගේ මහත්වරුන් ඇතුළු වතු සමාගම් හිමිකරුවන් සහ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.