මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ පැසසුමට

    ජූනි 19, 2020

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතා අතර විශේෂ හමුවක්    (18)දින  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ගෝලීය වසංගතයක් ව පවතින COVID-19 වසංගතය මර්දනයේ දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසය මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගත් ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතාගේ ඇගයීමට මෙහිදී ලක් කෙරිනි. එමෙන්ම වෛරසය මර්දන ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ලබාදුන් නායකත්වය ද එතුමාගේ විශේෂ ඇගයීමකට ලක් විය.

    දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඔිනෑම අවස්ථාවක දී ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් කියා සිටියේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට රජයක් ලෙස කටයුතු කරන බවත්, මින් පෙර ද ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහයෝගය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුලු ඉන්දීය රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

     මෙම අවස්ථාවට අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya