මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක්

    ජූනි 19, 2020

    ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි

    මේ අනුව,ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් ජංගම දුරකථන සඳහා සුදුසු යෙදවුමක් හඳුන්වා දෙන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබේ.

    ඒ අනුව ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.මගී ප්‍රවාහණ සේවා කඩිනම් කිරීම හා විදිමත් කිරීම සඳහාත් ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ වනවිටත් පවතින ස්ථානය Location හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

    ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබෙන අතර එම යෙදවුම මගී ජනතාවට හඳුන්වා දීම ලබන සතියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya