මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කරයි

    ජූලි 01, 2020

    කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

    අතිගරු ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

    එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව (30)දින පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය. මෙම වාර්තාව මගින් නිර්දේශ කර ඇති පරිදි රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබේ.

    මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහින්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ  දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya