මෙම ජංගම දුරකථන යෙදවුම තුළින් මගී ජනතාව සදහා පහසුකම් රැසක් ලබා දී ඇත. ඒ අනුව බස් රථ කාල සටහන, බස් රථයක් ගමන් ගන්නේ නම් එය දැනට පවතින ස්ථානය, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා බස් ගාස්තුව, කාඩ්පතකින් ගෙවීම සදහා ඇති පහසුව මෙන්ම ගමන් ගන්නා බස් රථය පිළිබද ව පැමිණිලි ද මෙම යෙදවුම මගින් ඉදිරිපත් කළ හැකිය.
පළමු අදියර යටතේ අන්තර් පළාත් බස් රථ සම්බන්ධව තොරතුරු මෙහි අන්තර්ගත අතර,ඉදිරියේ දී ලංගම බස්රථ ඇතුලු අනෙකුත් බස් රථ විස්තර ද ඇතුලත් කිරිමට යෝජිතය.ජාතික ගමනාගමන කොමිසමේ තොරතුරු තාක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම දුරකථන යෙදවුම රජයේ මුදල් සත පහක්වත් වියදම් නොකර සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කළේය.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, මෙවැනි ජංගම දුරකථන යෙදවුමක් ශ්‍රී ලංකාවේ හදුන්වා දෙන පළමු අවස්ථාව බවයි. එමෙන්ම විවිධ අවස්ථාවන් හිදී බස් රථ සම්බන්ධව මහජනතාවගේ පැමිණිලි පුද්ගලිකව තමන්ට දැනුම් දෙන බවත් මෙම යෙදවුම ශ්‍රි ලංකාවේ ප්‍රවාහන කේෂ්ත්‍රයේ විප්ලවයක් වනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජංගම දුරකථන යෙදවුම හදුන්වාදුන් අතර, මෙම අවස්ථාවට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරු සහභාගී වූහ.