මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්

    ජූලි 09, 2020

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

    මතුව ඇති අවදානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර (ජුලි 06 - ජුලි මස 17) දක්වා හා දෙවැනි අදියර (ජුලි මස 20 ජුලි 24 දක්වා) තුළ දී පාසල තුළ පිරිස් ඒකරාශී වීම අවම කරගැනීමේ අරමුණින් පාසල් වෙත ගෙන්වා යුතු වන්නේ පන්ති කාලසටහන් ලබාදී ඇති සහ වෙනත් කළමනාකරණ, පරිපාලන විනය හා සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවරා ඇති ගුරුවරුන් බව එම උපදෙස් ලිපිය මගින් අවධාරණය කරයි.

    තව ද, කිසිදු රාජකාරියක් නොපවරන ලද සහ ඉගැන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවල දී පාසලට ට ගෙන්වා ගැනීම සිදු නොකළ යුතු බවත්, වගකීම් පවරන ලද ගුරුවරුන් පෙරවරු 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු වන අතර, තම නියමිත රාජකාරී නිමකිරීමෙන් අනතුරු ව බැහැර යාමට අවස්ථාව ලබාදිය යුතු බවට ද විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

    එමෙන් ම තෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාලසීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවට ද මේ යටතේ උපදෙස් ලබා දී ඇත.

    ජුලි මස 27 වැනි දා සිට සේවයට වාර්තා කරන සියලු ම අධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් නියමිත පැමිණීමේ ලේඛනයේ (පොදු 18) සුපුරුදු පරිදි පැමිණීම හා පිටවීම අත්සන් කළ යුතුය.

    සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු ම විදුහල්පතිවරුන් වෙත මෙම උපදෙස් ඇතුළත් ලිපිය මේ වනවිටත් යොමු කර තිබේ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya