මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු හිගයකින් තොරව ඖෂධ ජනතාවට ලබා දීමට රජය කටයුතු කරනවා

    ජූලි 09, 2020

    කිසිදු හිගයකින් තොරව ඖෂධ ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බව වැවිලි හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

    ඖෂධ හිගයක් වාර්තා වී ඇතැයි අද (09) පැවති කැබිනට් මාධ්‍යහමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේ,

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ ගෙන්වීම සම්බන්ධ කාර්යය සිදු කරන අතර අවශ්‍ය ඇස්තමේන්තු මේ වන විටත් සකස් කර ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේදී කිසිදු හිගයකින් තොරව ජනතාවට ඖෂධ ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    ඖෂධ සහ පොහොර සඳහා පසුගිය රජය ගෙවිය යුතු මුදල් නිසි පරිදි නොගෙවීම නිසා ඖෂධ සහ පොහොර හිගයක් මතු වුණද වත්මන් රජය බලයට පත් වූ වහාම එම හිග බිල්පත් පියවීම සිදු කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya