මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    MyBus-SL App එක දින දෙකක් තුළ 5200ක් Download කරලා

    ජූලි 10, 2020

    ජාතික ගමනාගමන කොමිසම විසින් මගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය නව තාක්ෂණය යටතේ සිදු කර ගැනීමට අවස්ථාවන් ලබා දීම පුලුල් කරමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා
    දෙනු ලැබීය.


    MyBus-SL නමින් හැඳින්වෙන මෙම යෙදවුම මගින් පහසුකම් රැසක් මගී ජනතාවට ලබා දී ඇත. එහි සුවිශේෂිම අංගය වන්නේ අන්තර් පළාත් බස් රථ ධාවනය වන ආකාරය GPS තාක්ෂණය ඔස්සේ මගී
    ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසීමයි. ඒ් අනුව තමන් ගමන් කිරීමට යෝජිත බස් රථය අදාල අවස්ථාවේ ගමන් කරන්නේ කුමන ස්ථානයේ දි යන්න මගී ජනතාවට පහසුවෙන් දැන ගැනීමට මෙම යෙදවුම මගින් හැකියාව ඇත.

    ඊට අමතරව, මගීන්ට බස් රථ ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය Tracking , අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව Complain , සියලුම බස් රථවලට ගෙවීම් කටයුතු කාර්ඩ්පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි පහසුකම් සහිතය.


    මේ අතර අද පෙරවරුව වන විට පුද්ගලයින් 5200ක් මෙම යෙදවුම බාගත කර තිබෙන අතර ලියාපදිංචි කර ඇති ගිනුම් සංඛ්‍යාව 1647කි. මගී ජනතාවගෙන් MyBus-SL App හරහා ලැබී ඇති පැමිණිළි හා යෝජනා සංඛ්‍යාව 70ක් බව ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර තිබේ.


    දැනට අන්තර් පලාත් බස් රථ සඳහා පමණක් මෙම යෙදවුම තුළ තොරතුරු ඇතුළත් කර තිබෙන නමුත් ඉදිරියේ දී ලංගම බස් රථවල මෙන්ම දුම්රිය ගමන්වාර ද ඇතුළත් වන පරිදි ලබා ගත හැකි සේවාවන් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya