ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් තැනින් තන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදැසන කාලයේ දී ත් වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටි.
උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මී.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.