මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ජූලි 13 සදුදා සිට17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරයි

    ජූලි 12, 2020

    ජූලි 13 සදුදා සිට17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරයි

     

    සියලු පාසල් සඳහා සතියක අමතර නිවාඩු කාලයක් දිවයිනේ ‘‘කොවිඩ්19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපනඅමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම්සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.

    දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දීනිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීමඅධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ. ඒ අනුව, සෞඛ්‍ය සහආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකිඅයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණයකරන ලදි.

    මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්තිවිසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි. එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘතකර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වේ. රංජිත් චන්ද්‍රසේකරඅතිරේක ලේකම් / මාධ්‍ය ප්‍රකාශකඅධ්‍යාපන අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya