මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    රාජාංගනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශවල සංචරණය නවතා දමයි-කන්දකාඩු පොකුර හරහා ශ්‍රී ලංකාවේ ම එවැනි තත්ත්වයක් ඇතිව නෑ

    ජූලි 13, 2020

    රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමෙන් පසුව එම ප්‍රදේශ හුදකලා කොට සංචරණය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (13) සවස මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    කන්දකාඩු අසාදිත පොකුර සම්බන්ධයෙන් සෑහෙන වැඩ කොටසක් අවසන් කර ඇතැයි පැවසූ අනිල් ජාසිංහ මහතා, රෝගීන් හඳුනාගැනීම,ස්පර්ශකයින් හමුදා ගැනීම මෙන් ම නිරෝධායනයට ලක් කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා.

    රාජාංගනය රදේශයට විශේෂ අවධානයක් මේ අවස්ථාවේ යොමු වී තිබේ. එම ප්‍රදේශයේ ට්‍රැක් 1,,3,5 යන ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන් ම නවතා දමා තිබේ.

    රාජාංගනයේ එම ඥාතියාගේ මළ ගෙදර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරි ආකාරයට තිබුණා නම්, මෙම රෝගීන් සංඛ්‍යාව ඇති නොවන්නට තිබුණා.

    මෙම කොවිඩ් රෝගය ලෝකයේ පවතිනවා, ආසියාවේ පවතිනවා, අසල්වැසි රටේ පවතිනවා, එහි තර්ජනය ශ්‍රී ලංකාවට තිබෙනවා. මෙම වෛරසයෙන් බේරීම සඳහා අප විසින් භාවිතයට ගැනුනු ක්‍රියා පිළිවෙත් තදින් ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. අපට පෙනී යනවා එම තත්ත්වයෙන් ජනතාව ගිලිහී ඇති බව.

    කන්දකාඩු පොකුර හරහා ශ්‍රී ලංකාවේ ම එවැනි තත්ත්වයක් ඇතිව නෑ. මෙම තත්ත්වය තිබෙන්නේ යම් කිසි ස්ථාන කීපයකයි. මෙය ප්‍රචරය වන ආකාරයේ තත්ත්වයක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya