23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීම මෙලෙස අරලියගහ මන්දියේදී සිදු විය. එහිදී අග්‍රාමාත්‍යවරයා, නාවික හමුදාධිපතිවරයා සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත සුභ අනාගතයක් සඳහා සිය සුභාශිංසන එක් කරන ලදි.
2020 ජුලි 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.