මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු පිටව යයි.

    ජූලි 16, 2020


    බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු 2020 ජුලි මස 13 සහ 14 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

    මෙම පුද්ගලයින් 22 දෙදෙනාගෙන් පුද්ගලයින් 21 දෙනෙකු බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේද, එක් පුද්ගලයෙකු (01) කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගිය අතර, එම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

    ඒ අනුව, මේ වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 473ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තවදුරටත් පුද්ගලයින් 72 ක පිරිසක් එහි නිරෝධායනය වෙමින් සිටින අතර, කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කර පුද්ගලයින් 69 දෙනෙකු පිටත්ව ගොස් තවදුරටත් පුද්ගලයින් 25 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya