මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයින්ට සහන- ඉදිරිපත් කළ සහන යෝජනාවලට අනුමැතිය

    ජූලි 16, 2020

    COVID – 19 තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි දක්වා කාල සීමාවට අදාළ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබා දීමට රජය විසින් පියවර ගෙන ඇත.


    ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වීමෙන් අනතුරුව එකී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මහා භාණ්ඩාගාරයේ නිළධාරීන් මඟින් තවදුරටත් අධ්‍යනය කොට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් තවදුරටත් ලබා දිය හැකි සහන පිළිබඳව ඉල්ලා සිටින ලදුව අග්‍රාමාත්‍යවරයා විසින් විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව කරන ලද යෝජනා වලට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


    ඒ අනුව, මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල එක් එක් බිල්පතෙහි වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකමට වඩා වැඩි නම්, පෙබරවාරි මාසයේ බිල්පතට සමාන මුදලක් බැඟින් මාර්තු අප්‍රේල් හා මැයි යන මාසය සඳහා අය කිරීමටත්, එම බිල්පත් නිරවුල් කිරීම සඳහා මාස 02 ක කාලයක් ලබා දීමටත් පියවර ගෙන ඇත.

    එමෙන්ම, මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා දැනටමත් බිල්පත් වලට ගෙවීම් කර ඇති පාරිභෝගිකයින්ට ඉදිරියේ දී බිල්පත් නිකුත් කිරීමේ දී වැඩිපුර ගෙවා ඇති මුදල හිලව් කිරීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් පියවර ගනු ලැබේ. එමෙන්ම, බිල්පත් නිරවුල් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විදුලිය විසඳි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කොට තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya