මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ නවෝත්පාදන උද්‍යානය සහ ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය ස්ථාපිත කිරීමට සැලසුම්

    ජූලි 16, 2020

    අධි තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කිරීමට-ශ්‍රී ලංකාවට ජෛව තාක්‍ෂණ නවෝත්පාදන උද්‍යානයක්

    අධි තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි අනයනයන් සඳහා ආදේශක නිෂ්පාදන දිරි ගැන්වීම සහ ජෛව තාක්ෂණ සමාගම් හා ජෛව තාක්ෂණ පර්යේෂකයින්හට සිය අදහස් වාණිජමය නිෂ්පාදන දක්වා පරිවතනය කරනු පිණිස එක්ව කටයුතු කිරීමට අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම අරමුණු කර ගනිමින් සහ අවශ්‍ය ඉදිරි පියවරයන් ගැනීම පිණිස භාණ්ඩාගාර ලේකම්වරයාගේ සහ උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් වරයාගේ සම සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත්, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සළසා දීමටත් අදාළ ව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ උසස් අධ්‍යාපන, තක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    ඒ අනුව, හෝමාගම පිටිපන අමරවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 13.2 ක ජෛව තාක්ෂණ නවෝත්පාදන ආයතනය සහ BiotechnoPlex ගොඩනැඟිල්ල ඉදි කිරීමට කිරීමට
    නියමිතයි.


    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ආයතනයක් වන ජාත්‍යන්තර ජාන විද්‍යාත්මක ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය යෝජිත ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස එම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ කලාපීය පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව මෙලෙස තෝරාගෙන ඇත.


    එමඟින් ඉන්සියුලින් සහ වර්ධනක හෝමෝන ඇතුළු ජෛවීය ද්‍රව්‍ය 10 ක් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය එම ආයතනය විසින් මෙරටට පවරා දීමට ද එකඟතාවය පළ කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya