මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක්

    ජූලි 16, 2020

    මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    කළුතර, ගාල්ල,හම්බන්තොට,අනුරාධපුර,පොළොන්නරුව,මාතලේ පුත්තලම,මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන ඇති අතර , දිස්ත්‍රික්ක පහක ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් අවසන් කර ඇතැයි අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවා ඇති බවත් මෙරට සිටින පාසල් හැරයන අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් සඳහා කුසලතා සංවර්ධන දශකයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

    කුසලතා සංවර්ධන දශකයට අදාළව මෙම අධි තාක්ෂණික විශ්ව විද්‍යාල ඉදිකිරීමද සිදු කෙරෙන අතර තොරතුරු තාක්ෂණය,ඉංජිනේරු තාක්ෂණය,ජෛව පද්ධති තාක්ෂණය සහ ඒ ඒ විශ්ව විද්‍යාල පිහිටන දිස්ත්‍රික්කය අනුව බලා මෙම විශ්ව විද්‍යාල ඉදි කිරීම සිදුකෙරේ.

    තරුණ තරුණියන්ගේ දක්ෂතා සහ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් රටටත් ලෝකයටත් වැඩදායී පුද්ගලයින් කරවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය

    මීට සමගාමීව ශ්‍රී ලංකා ජෛව තාක්ෂණික සහ නවොත්පාදන උද්‍යානයක් පිහිටුවීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya