මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ්19 සම්පූර්ණයෙන් පාලනය කිරීමට රජය අවශ්‍ය‍ පියවර ගෙන තිබේ- පී.සී.ආර් පරීක්ෂණ 130,000කට වැඩි ප්‍රමාණයක්- අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 16, 2020

    රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය‍ පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    රජය සහ ආරක්ෂක අංශ මැදිහත් වී එම තත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු යොදා ඇති බවත් කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය දිනපතා රැස්වෙමින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා කීය.

    මේ වන විට සමස්ථයක් ලෙස පී.සී.ආර් පරීක්ෂණ 130,000කට වැඩි ප්‍රමාණයක් රට තුළ සිදුකර ඇති අතර කන්දකාඩු ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ 4000ට අධික ප්‍රමාණයක්ද සිදු කර ඇති බවත් එය ප්‍රමාණාත්මකව සහ අවශ්‍යතාව පරිදි සිදු කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණ කර සිටියේය.

     කොව්ඩ් අර්බුදයෙන් රට මිදෙන තෙක් මුහුණු ආවරණ පළඳිමින් සහ සමාජ දුරස්ථභාවය තබා ගනිමින් එම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya