මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ජූලි 16, 2020

    මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මාධ්‍ය ප්‍රධානීන් අතර අද (16) පැවැත්වූ සාකච්ඡාවේ දී අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පාර්ශ්ව කිහිපයකින් අදහස් පළ කර තිබුණි. මැතිවරණ කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු දක්වා තිබුණි.

    ඒ අනුව ඉදිරි දින දෙක තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ පෛලිබඳව සාකච්ඡාවේ දී සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya