මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    මර්ගයේ පදිකවේදිකා මත හෝ අනවසර ස්ථානවල රථවාහන හෝ යතුරු පැදි නවතා තැබීම සොයා අද සිට මෙහෙයුම්

    ජූලි 17, 2020

    මර්ගයේ පදිකවේදිකා මත හෝ අනවසර ස්ථානවල රථවාහන හෝ යතුරු පැදි නවතා තැබීම සිදු නොකරන ලෙසත් අද (17) සිට මේ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අජිත් රෝහණ මහතා මේ බව පැවසිය.

    මහාමාර්ගවල අයිනේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවල වාහන ගාල් කර තැබීම නිසා අනතුරු සිදුවීම, පදිකයින්ගේ ගමනාගමනයට අවහිර කිරීම හෝ අවහිර වීම, පිළිබඳව කරුණු රැසක්
    නිරීක්ෂණය වී තිබෙන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

    එම නිසා මාර්ගයේ යම් ස්ථානයක වාහන නවතා තැබීම තහනම් යැයි සඳහන් ස්ථනවල වාහන හෝ යතුරු පැදි නවතා නොතබල ලෙස සියලු යතුරු පැදිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා
    සිටින බවද එසේ නවතා තැබෙන රථ පොලීසිය වෙත රැගෙන යැමට සිදුවන බවත් එසේ ඇඳගෙන යෑම සඳහා වන වියදම ද එම පුද්ගලයින්ගෙන් අය කිරීමට කටයුතු කරන බවත් එම අයට
    එරෙහිව නඩු මාර්ගයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya