මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    පරිසරයට හානි නොකළ ජනපතිවරණ ව්‍යාපාරය අගයා ජනපතිට සහතිකයක්

    ජූලි 17, 2020

    ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත සහතිකය පිළිගැන්වූහ.

    රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි Sustainable Future Group නම් පරිසර පර්ෂදය විසිනි. මේ කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලැබූවකි.

    සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය හා අධිෂ්ඨානය විය. දිවයිනම ආවරණය කළ 150කට අධික ජන රැලි පොලිතීන්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මැතිතුමා තීරණය කළේය.

    ජනහමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කෙරිණ. එලෙස මුදාහැරෙන කාබන් ස්කන්ධය අවශෝෂණය කර ගැනීමට ශාක 21,000ක් රෝපණය කළ යුතු බව නිගමනය කරනු ලැබීය. ඒ අනුව “රටේ පැළවන නිදහසේ හුස්ම” රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජන රැළියක්ම අවරණය වන පරිදි ක්‍රියාවට නැංවිණ.

    ව්‍යාපෘතිය යටතේ පැළ 26,000ක් රෝපණය කොට, මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂනය වී හානිය ශූන්‍ය කර ඇතැයි “ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය” තක්සේරු කර තිබේ. අදාළ කාලසීමාවේ දී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂනය පදනම් කොට ගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතන කියා සිටී.

    “තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමය” යන්න ජනාධිපතිතුමා “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya