මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන සඳුදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් විමසයි- අද සාකච්ඡාවක්

    ජූලි 17, 2020

    එළඹෙන සඳුදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් විමසයි- අද සාකච්ඡාවක්

    එළඹෙන සඳුදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් විමසා ඇති බවත් ඒ සම්බන්ධව සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැත්වෙන අතර ඒ අනුව අවසන් තීරණය ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ‘‘කොවිඩ්19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගේ මානසික තත්වය පසුබිම් කරගෙන පසුගිය ජූලි 13 සදුදා සිට17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

     

    ඒ අනුව එළඹෙන සඳුදා පාසල් ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය බොහෝ විට අද පස්වරුවේ ලබා දීමට හැකිවනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya