මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල විදුලි බිල්පත් සඳහා ව්‍යාපාරිකයින් කර්මාන්තකරුවන් ඇතුලු සියලු දෙනාටම සහන - ඇමති මහින්ද අමරවිර

    ජූලි 17, 2020

    මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල විදුලි බිල්පත් සඳහා රජය විසින් ලබා දුන් සහනය ව්‍යාපාරිකයින් කර්මාන්තකරුවන් ඇතුලු සියලු දෙනාටම සහන ලබා දෙන බව විදුලි බල ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද දින (17) අගුනකොළපැලැස්ස පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    විදුලි බිල්පත සම්බන්ධයෙන් තවමත් මගෙන් මහජනතාව වරින් වර විමසනවා. කොවිඩ් 19 නිසා පසුගිය මාර්තු, අප්‍රේල් මැයි මාසවල බිල්පත් සඳහා සමහර නිවාසවලට විශාල මුදලක් ඇතුළත්  බිල්පත් ලැබීම නිසා මහජනතාව තුළ කැළඹීමක් ඇති වුනා. ඒ නිසා මම මෙම විදුලි බිල්පත් ගැටළුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

    විදුලි බල ක්ෂේත්‍රයෙන් මහජනතාවට මෙතෙක් ලබා දී ඇති දැවැන්තම සහනය මෙය බව පැවසු ඇමතිවරයා, මෙම සහනය ව්‍යාපාරිකයින් කර්මාන්තකරුවන් ඇතුළු සියලු දෙනාටම හිමිවෙන බව කීය. 

    විදුලි බිල්පතින් මහජනතාව ආරක්ෂා කරනවා වාගේම අපේ රටේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි බල මණ්ඩලයත් ආරක්ෂා කර ගැනීමට යෝජනා මෙම කැබිනට් පත්‍රිකාවට
    ඇතුළත් කර බවත්,ඇත්තටම රජය තීරණය කළේ මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල විදුලි බිල්පත් සඳහා පෙබරවාරි මාසයේ ඔබේ විදුලි බිල්පතට ඇතුළත් වුනු ගාස්තුවම පමණක් අය කරන
    ලෙසත්, මාර්තු මස බිල පෙබරවාරි මස බිලට වඩා අඩුනම් ඔබට මාර්තු මස අඩු බිල්පත ගෙවීමට පිළිවන බවත්ය. මේ හැම කාරණයකින්ම අවධාරණය කරන්නේ සමස්ත වාසිය මහජනතාවට
    ලබා දෙන බවය.

    දැනටමත් බිල්පත් ගෙවලා තියෙන විදුලි පාරිභෝගිකයින් විසින් වැඩියෙන් තැම්පත් කළ මුදල් ආපසු ලබා ගැනිමට හෝ තැම්පත් මුදල් ඉදිරි බිල්පත් සඳහා පියවීමට හැකි බවද වැඩිදුරටත් ම
    සඳහන් කළේය.

    එසේ ම මාර්තු, අප්‍රියෙල් හා මැයි මාස බිල්පත් ගෙවන්න මාස දෙකක සහන කාලයක් ද ලබා දි තිබෙන බවත්,ඒ වගේම කිසිදු අවස්ථාවක බිල්පත් නොගෙව්වා කියා විදුලිය විසංන්ධි නොකරන  බවත්,සියලු සහන රජය විසින් මහජනතාවට ලබා දීමට පියවරගෙන ඇතියි ද කිය.

    එමෙන් ම විදුලි බල මණ්ඩලය ද ආරක්ෂා කර ගත යුතු බවත්, එසේ හෙයින්, රජය විසින් රුපියල් මිලියන 48,000ක මුදලක් ලංවිම ණය ගෙවිම සඳහා වෙන් කර ඇති බවත්,මේ වන විට ලංවිම  ඛනිජතෙල් සංස්ථාවට ඇති ණය මුදල රුපියල් මිලියන 85, 000ක බවත් පැවසු ඇමතිවරයා, දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ පුරෝකථන ණය ප්‍රමාණය වන රුපියල් මිලියන 90,000 රුපියල්  මිලියන 63,000 දක්වා අවම කර ගැනීමටත් වැඩ පිළිවෙලවල් රජය ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

    උදාහරණයක් වශයෙන් ලංකා ඛනිජතෙල් සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් 92ට දෙන දැවිතෙල් මිල රුපියල් 70 දක්වා අඩු කර එමගින් විශාල මුදලක් ලංවිමට ඉතිරි කර ගත හැකි  බව බවද කීය.

    මේ තරම් අති දැවැන්ත සහන පැකේජයක් රජය ලබා දී ඇත්තේ කොරෝනා වසංගතය නිසා අපේ භාන්ඩාගාරයට ලැබිය යුතු ආදායම් අහිමිව තිබියදීයි. නමුත් කොරෝනා නොමැතිව රට
    සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවානම් කෙතරම් සහනයක් අපිට රජය වශයෙන් මහජනතාවට දිය හැකිද කියන ඒක ජනතාව තේරුම් ගත යුතුයි.

    මේවා බොරු පොරොන්දු නොවන බවත්, මේවා අපි ජනතාවගේ ඇස් පනා පිටම ලබා දෙන සහන. අතිගරු ජනාධිපතිතුමා කිසි විටෙක ඉටු කරන්නට බැරි පොරොන්දු මහජනතාවට දෙන්නේ
    නැහැ. එතුමා පසුගිය ජනාධිපතිවරණයේ සිටම එම පිලිවෙත අනුගමනය කළ බව ඔබ සියලු දෙනා දන්නා බවත් ඇමතිවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya