දියුණුවේ සියලු මංපෙත් විවර කිරීමට මනා තෝතැන්නක් වන පාසැල ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු වන අතරම දරුවන්ගේ මානසිකත්වය විභාග කේන්ද්‍රීය කර නොගෙන විවිධ අංශ වල දක්ෂතා හඳුනාගෙන කුසලතා සංවර්ධනය කරගන්නා මාවතක් බවට පත් කරගැනීමට පාසල් පද්ධතිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවත්, හර්ෂ ද සොයිසා මහතා කියා සිටියේය.
2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව, “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම මඟින් දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10% දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ.
සාක්ෂරතාවය 90% කට වඩා තිබෙන සහ වසර 70 කට වඩා පැරණි නිදහස් අධ්‍යාපනයක් සහිත මෙරටේ සැම රජයක්ම අධ්‍යපනය වෙනුවෙන් විශාල වියදමක් දරා තිබෙන නමුත් රටට ලැබෙන අදායම පහළ මට්ටමක තිබෙන බව ද, විදෙස් වෙළදපල ඉලක්ක කර ගනිමින් පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට ද අවශ්‍ය බවත් ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙරට වත්මනේ පවතින තත්ත්වය තේරුම් ගෙන තරුණ පරපුරට පුහුණු කුසලතා දියුණු කිරීම මඟින් මෙරට සේවා කර්මාන්තයට විශාල පිටිවහලක් වනු ඇති බවත්, වඩාත් වැඩදායී පරපුරක් බිහිවනු ඇති බවත් තමන් විස්වාස කරන බව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදුව සිලෑස්කොම් ආයතනයේ ආරම්භක සභාපති දිනේෂ් සපරමාදු මහතා ද එහි දී තම අදහස් දක්වමින් කියා සිටියේ මෙරට පුහුණු කුසලතා සහ රැකියා සම්බන්ධ විශාල පරතරයක් තිබෙන බවයි.
එමෙන්ම, ලොව තුළ උද්ගත ව ඇති සෞඛ්‍යමය තත්ත්වයත් හා සළකා බැලීමේ දී ඊළඟ අවුරුදු 10 ට අවශ්‍ය මානව සම්පත් දැනට තියෙන සම්පත් වලට වඩා වෙනස් විය හැකි බවත්, මෙරට කල්තියා සිට ඊට මුහුණ දීම සඳහා තරුණ පරපුර හැඩගැස්වීම අරමුණ විය යුතු බවත් දිනේෂ් සපරමාදු මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තොරතුරු තාක්ෂණ හා නිපුණතා සංවර්ධන සභාවේ ඉන්දික සොයිසා මහතා සහ විද්‍යා හා තාක්ෂණ නව්‍යකරණ සම්බන්ධිකරණ කාර්යාලයේ අධ්‍යක්ෂක ගීතා අබේසිංහ යන මහත්ම මහත්මීහු ද මේ සම්බන්ධව අදහස් දැක්වූහ.