අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
තරුණ කැරළි දෙකක් මෙරට ඇති වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි තත්වයක් නැවත ඇති නොවීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඒ සඳහා ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ සඳහා එක් පියවරක් ලෙස මෙතෙක් විශ්වවිද්‍යාලයක් නොමැති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදි කරනු ලැබේ. ඒ අනුව තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ හා ජෛව තාක්ෂණ ඉඩ ප්‍රස්ථා පුළුල් කෙරෙන අතර අධිතාක්ෂණ විශ්වවිද්‍යාල (High-Tech Universities) 10ක් ස්ථාපනය කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව්, ගාල්ල, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත්‍රික්ක 10 ආශ්‍රිතව මූලික ශක්‍යතා අධ්‍යයන ක්‍රියාවලිය ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ආසියානු සංවර්ධන බැංකුව මෙම ශඛ්‍යතා අධ්‍යනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05 මුදලක් ලබා දී ඇති බවත් කළුතර , හම්බන්තොට, මාතලේ ,නුවරඑළිය සහ මුලතිවු යන දිස්ත්‍රික්කයන්ගේ ශඛ්‍යතා අධ්‍යයන මේ වන විටත් නිම කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉදිරි දිස්ත්‍රික් 05 ශඛ්‍යතා අධ්‍යයන කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ආරම්භයේදී ඒ ඒ දිස්ත්‍රික්කයේ දරුවන් 500ක් පමණ බලාපොරොත්තු වන අතර එක් විශ්වවිද්‍යාලයක එක් අධ්‍යයන වර්ෂයක් සඳහා සිසුන් 1500ක් පමණ බලාපොරොත්තු වන අතර සිවු වසර තුළදී විශ්වවිද්‍යාල සිසුන් 6000ක් පමණ බලාපොරොත්තු වේ.
මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වල පිහිටුවන විශ්වවිද්‍යාලයන්ගේ මෙම තත්වය අභියෝගාත්මක බව ද එම දිස්ත්‍රික්ක වල උසස් පෙළ සමත් දරුවන් ප්‍රමාණය අඩු බැවින් ඒ පිළිබඳව සළකා බැලීමට සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලංකාව පුරා විහිදී තිබෙන කාර්මික විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සියල්ල ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යායතන බවට උසස් කරන බවත් වෘත්තීය අභිමුඛ පාඨමාලාවන් හඳුන්වා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා එම විශ්ව විද්‍යාල විද්‍යායතයන්ගෙන්පිටවන දරුවන්ට අවශ්‍ය නම් රැකියාව කරන අතරතුරු උසස් අධ්‍යාපනය ලබා ගත හැකි බවද පැවසීය.
ලංකාවේ පාසල් වලින් පිටවන සියලු දරුවන්ට උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමටමාර්ගය සළසා දීම ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක් පොරොන්දුවක් බවත් පසුගිය කාලයේ ඒ පිළිබඳව විද්වතුන් විවිධ සාකඡචා සිදු කර මෙම සැළැස්ම පිළියෙල කර බවත් දරුවන්ගේ ජීවිත පිළිබඳව වගකීම රජයක් ලෙස වත්මන් රජය භාරගන්නා බවද අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය හර්ෂ අලස් , සිලෑස්කොම් ආයතනයේ ආරම්භක සභාපති දිනේෂ් සපරමාදු යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.