මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    බලයට පත්වෙන ආණ්ඩුවලට ඕනෑ විදියට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතුයි - අග්‍රාමාත්‍ය

    ජූලි 19, 2020

    ජනතා හිතවාදී සංවර්ධන ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට ගෙනයාම බලයට පත්වන ඕනෑම රජයක වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ජනතා කැමැත්ත අනුව ආණ්ඩු බලයට පත්වීම හා ආණ්ඩු පෙරලීම සාමාන්‍ය තත්වයක් වුවද ජනතා මුදල් යොදවා සිදු කෙරෙන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන රජයන් විසින් නොකළ යුතු බව කොළඹ පැවති හමුවෙ දී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වරාය නගර ව්‍යාපෘතිය අතරමඟ නතර කර දමා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අයගෙන් පළිගැනීමට යහපාලන රජය දැරූ උත්සාහයේ අවසාන ප්‍රතිඵලය ලෙස තවත් ඉඩම් අක්කර ගණනාවක් රජයට අහිමි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අවසානයේ යහපාලන රජය පලිගෙන ඇත්තේ ජනතාවගෙන්ම බවයි.

    රටක් දියුණු කිරීමට නම් විදුලිය, ජලය, මහාමාර්ග වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාව ලබා යුතු බව හඳුනාගත් සියරජය ඒ සඳහා ප්‍රමුඛතාවය දුන්නේ සේවය සඳහා කොළඹට ඇදෙන පිරිස් සීමාකර ගම් පළාත්වලම රැකියා අවස්ථා බිහි කිරීමේ අරමුණෙන් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


    අවසානයේ යහපාලන රජය සමයේ සිදුවූයේ රට සංවර්ධනය නොවී වසර පහක් රට ආපස්සට යාමක් යැයි ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට සංවර්ධනය කරා ගෙන යමින් ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමේ බැරෑරුම් කාර්යයට ඉදිරියේ බලයට පත්වන සිය රජය සවිමත්ව මුහුණදීමට සූදානම් බවද වැඩිදුරටත් කීවේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya