මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා වත්මන් රජය සෑම පියවරක්ම ගන්නවා- අග්‍රාමාත්‍ය

    ජූලි 20, 2020

    බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් තමන්ට මඩ ගැසීමට උත්සාහ දරන බව ශ්‍ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     

    මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තම රජයක් පැවති සෑම අවස්ථාවකම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගත් බවයි.

    කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ‍, විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටි  අය ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි.

    ඉතිහාසගත පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම රජයක වගකීමයි. එම වගකීම ඉටු කරමින් පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා වත්මන් රජය සෑම පියවරක්ම ගන්නා අතර මුහුදු මහා විහාරය රැක ගැනීම ඊට හොඳම උදාහරණයකි.
    වරදක් සිදුකර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට තමා කිසිසේත්ම පසුබට නොවන බවත්  ඒ අනුව කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් සකස් කිරීමට උපදෙස් දී ඇති අතර ඊට අදාළ නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.


    තම පාලන කාලයන් තුළ රටේ වටිනාකම සෑම විටම වැඩි කිරීමට කටයුතු කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එජාප රජයන් පැවති සෑම විටම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගත් බවද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya