මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධ හමුදා ප්‍රධානි යාපනයේ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සලසයි

    ජූලි 20, 2020

     

    යුද්ධ හමුදා ප්‍රධානි යාපනයේ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සලසයි

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ යාපනය සංචාරය අතරතුර ඉකුත් සෙනසුරාදා (18) දින යාපනය බලප්‍රදේශයේ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සමග සුහද හමුවක් පැවැත්වීය. මෙම අවස්ථාව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කර තිබිණි.

    ඔවුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන්ගේ ප්‍රශ්ණ හා ගැටළු මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබද කරුණු විමසු අතර, එහිදි ඔවුන්ට ගැටළුවක්ව පැවති මාසිකව ඔෘෂධ ලබාගැනිමේ අවශ්‍යතාවයට විසදුමක් ලෙස ඔඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමටත්, එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවන් වෙනුවෙන් අදාළ වෛද්‍ය ආයතන වෙත ගමන් කිරිමට එම හමුදා සාමාජිකයන්ට අවශ්‍ය වන ප්‍රවාහන පහසුකම් ද සපයන ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත උපදෙස් ලබා දුන්නේය. අනතුරුව ඔවුන් යාපනයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ සංගමය වෙනුවෙන් කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රශංසා කළේය. පසුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යාපනයේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා උතුරේ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලබන අඛණ්ඩ සුභසාධන ව්‍යාපෘතින් සහ ජාතික හදිසි අවස්ථාවන් වන ආපදා, ගංවතුර ඇතුළු සියලුම ව්‍යසනයන්හීදි සියළු සිවිල් වැසියන්ගේ රටේ ආරක්‍ෂකයින් ලෙස හමුදාව විසින් සිදු කරනු ලබන කර්යභාර්ය පැහැදිලි කළේය. මෙම අවස්ථාව අවසන් වීමට පෙර එම අවස්ථාව සනිටුහන් කිරිම සඳහා සිහිවටනයක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    මෙම සුහඳ හමුව අවසානයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම රණවිරුවන් විසින් සිදු කරන ලද උදාරතර මෙහෙවර පිළිබදව අගය කරමින් ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කළ අතර, ඔවුන්ගේ විශ්‍රාම දිවිය සතුටින් ගත කරමින් දීර්ඝායුෂ විදිමට හැකිවේවායැයි සුභපැතීය.

    මෙම අවස්ථාව වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya