ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ පුර්ව නායයාම් අනතුරු නිකුත් කොට ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් අදියර එක යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.
විශේෂයෙන්ම වර්ෂාවත් සමග නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, හා දුරකථන කණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙර පැවති උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.
එසේම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දී සිටී.