මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    රටේ මහජනතාව විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම,කළ හැක්කක් නොවෙයි- අමාත්‍ය මහින්ද අමරවීර  

    ජූලි 20, 2020

    රටේ මහජනතාව විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ, රටේ පවතින ආර්ථික තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග රටේ සෑම අංශයකම ආදායම් අඩුවීමක් වාර්තා වි තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය අංශ විසින් දී ඇති කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමත්, ජනතාව තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට පවතින බියත් නිසා බස් රථවලට ප්‍රමාණවත් තරම් සෙනගක් තවමත් වාර්තා වන්නේ නැත.

    මේ නිසා පුද්ගලික බස් රථවල දෛනික ආදායම කළින් පැවැති තත්ත්වය හා සසඳන විට සියයට 50කටත් වඩා අඩුවී තිබේ. එම නිසා පුද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ආදායම් නොමැති බවත්, එම කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය මත ඉන්ධන සහන ලබා දීම හෝ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.

    බස් සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිලිගන්නා නමුත් රටේ මහජනතාව ද විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම කිසිසේත්ම සිදු කළ හැක්කක් නොවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් සමග පැවැති සාකච්ඡාවේ දී ඔවුන් විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් කිහිපයම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. ඒ අනුව රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම, කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීම වැනි ඉල්ලිම් කීහිපයක් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයාගේ ඉල්ලිම පරීදි රජය විසින් එම සහන ලබා දීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබේ. පුද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට ගෙන ඇති සහන රැසකි.

     රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දීමට රාජ්‍ය බැංකු වෙත අවශ්‍ය ‌තොරතුරු ලබා දීම. තවමත් භාන්ඩාගාරයෙන් මේ සම්බන්ධව බැංකු දැනුම්වත් නොකිරීම හේතුවෙන් සුලු ප්‍රමිාදයක් ඇති නමුත් අමාත්‍යවරයා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩලයටද මේ පිලිබඳ තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.
     කල්බදු වාරික සහන දැනටමත් ලබා දි තිබේ.
     රක්ෂණ වාරික ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීම.
     ජාතික ගමනාගමන කොමිසම විසින් මේ වනවිට අන්තර්පළාත් බස් රථ සඳහා ලොග්සීට් ගාස්තු
    අයකිරීම මාස 06ක් යන තෙක් අත්හිටුවා තිබේ. එමෙන්ම ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකව අය කරන මුදල ද මාස 06කට අත්හිටුවා තිබේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට මෙතෙක් අහිමිවි ඇති ආදායම රුපියල් මිලියන 200කි. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් පුද්ගලික බස් රථවලට සුලු වැරදිවලට අය කරනු ලබන දඩමුදල් අය කිරීම ද තාවකාලිකව නවත්වන ලද්දේ අමාත්‍යවරයා දුන් උපදෙස් පරිදිය.

    මේ හැර බස්නාහිර පළාත් සභාව විසින් අයකරනු ලබන ලොග්සීට් ගාස්තු ද අගෝස්තු 31 තෙක් අය නොකරන ලෙස අමාත්‍යවරයා එම මගී ප්‍රවාහණ අධිකාරියට දැනුම් දුන්නේය.

    පුද්ගලික බස් රථ සියයට 50කින් මගී ප්‍රවාහණ සේවා නැවැත්වීමට කටයුතු කළ ද, ලංගම සතු සියලුම බස් රථ මගී ප්‍රවාහණය සඳහා යොදවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට  උපදෙස් දුන්නේය. ඒ අනුව ලංගම සතු බස් රථ 5300ක් දිවයින පුරා ධාවනය වන අතර මගීන් වැඩි පුර ගමන් කරන මාර්ග සඳහා ප්‍රමුඛත්වය ලබා දි කටයුතු කෙරේ.

    කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලිම් අතිශයින් සාධාරණ ඒවා වුවත් මෙම වකතවනුව තුළ රට තුළ පවතින තත්ත්වය මත ඒවා ඉටු කිරීමට ඇති නොහැකියාව නිසා ඒ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රවාහන අමාත්‍යාංශයේ නිවේදනයp11

     

     

     p22

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya