මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    උසස්පෙළ විභාගය දෙස දරුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලුවා - ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය

    ජූලි 20, 2020

    විවිධ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙවර උසස්පෙළ විභාගය දෙස දරුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසයි.

    ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක්ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දිනද පැවැත් වීමට තීරණය කළ බව අද(20) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා සඳහන් කළේය.


    ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් විදුහල්පතිවරු ,ගුරුවරු , උසස් පෙළ සිසුන් සහභාගී කරවාගෙන සමීක්ෂණයක් සිදුකළ බවත් දරුවන්ගෙන් සියයට පණහක් පමණ දෙනා විභාගය කල් නොදමන්නැයි ඉල්ලීම් කළ බවද ලේකම්වරයා වැඩිදුරටත් කීය. කොවිඩ් වසංගතය මැනවින් පාලනය කළ රටක් ලෙස දරුවන්ගේ මානසික පීඩනය අවම වන පරිදි සියලු තීන්දු තීරණ ගත් බව ලේකම්වරයා වැඩිදුරටත් කීය.

    සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින පිළිබඳ දැනට තීරණයක් ගෙන නොමැති අතර ඒ අනුව ලබා දුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අගෝස්තු 10 වන දා සිට සියළුම පාසල් ආරම්භ කරන බවද ලේකම්වරයා කීය.

    මෙම අවස්ථාවට එක් වූ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, ඒ අනුව අපොස උසස් පෙළ විභාගය සති තුනකින් පමණ කල් දමා ඇති බවයි.

    දරුවන් ඉල්ලූ පරිදි මසක සහන කාලය ලබා දුන් බව පෙන්වා දුන් ඒ මහතා අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට දරුවන්ට ඇති තරම් කාලය ඇති බවද පෙන්වා දුන්නේය.

    විභාග දෙපාර්තමේන්තුව ට අවශ්‍ය කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා මෙම කාල සීමාව ප්‍රමාණවත් බවද ඒ මහතා පැවසීය. දෙවන පාසල් වාර නිවාඩුව ඔක්තොම්බර් මස 09 දා සිට නොවැම්බර් 16 දක්වා ලබා දීමට නියමිතය

     

    මෙම අවස්ථාවට එක් වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට ලබා දුන් කාලය ප්‍රමාණවත් බවත් සුපුරුදු ආකාරයට පෙර විභාග පැවැත් වූ පරිදිම විභාගය පැවැත්වෙන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya