මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය - සුභ නැකතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවයි

    ජූලි 21, 2020

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අද (21) සුභ නැකතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවයි.

    මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවා සුභ නැකතින් අද (21) ආරම්භ විය.

    රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටියේ අද අලුයම 02.26ට යෙදුණු සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවු මහා දේවාලයන්හි කප් සිටුවීම සිදුකළ බවයි.

    අද සිට දින 04ක් තුළ අභ්‍යන්තර පෙරහැර 05ක් වීදි සංචාරය කිරීමට නියමිත බවත්, ඒ අනූව පළමු කුඹල් පෙරහැර 25 වනදා වීදි සංචාරය කිරීමට නියමිත බවත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පැවසුවේය.

    ඔහු පවසන පරිදි 25 සිට 29 වෙනිදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙන අතර, 30 වනදා ප්‍රථම රන්දෝලී පෙරහැරත්, ජූලි 31 වනදා ගිනි පෑගීම සහ දියකැපීමේ මංගල්‍යය අගෝස්තු 04 වනදා පැවැත්වීමට නියමිතයි. අවසන් රන්දෝලි මහා පෙරහැර නිකිණි පුන් පොහෝ දින (03) රාත්‍රියෙහි වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.

    එමෙන්ම පසුදින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසු මහනුවර ජනපති මන්දිරයේ දී පෙරහැර අවසන් කිරීමේ රාජ්‍ය උත්සවය මෙවර ඉතා චාම් මුහුණුවරකින් ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    මෙවර මහනුවර ඇසළ පෙරහැරෙහි විශේෂත්වය වනුයේ ජනතා සහභාගීත්වයකින් තොරව පැවැත්වීමයි. රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව සිහිපත් කළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, බැතිමතුන් හට මෙවර පෙරහැර නැරඹීමේ සහ වැදපුදා ගැනීමේ අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ උදා වන බවයි.මෙවර පෙරහැර අසිරි විදගැනීමට ජනතාවට සිදුවනුයේ රූපවාහිනී සහ ගුවන්විදුලි යන මාධ්‍ය ද්විත්වය ඔස්සේය..

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya