මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන්

    ජූලි 21, 2020

    තැපැල් ඡන්දහිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (21) අවසන් වේ.

    13 සිට 17 දක්වා වූ  දිනයන් හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ඊයේ (20) සහ අද (21) දිනයේ අවස්ථාව ලබා දුනි.

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී ජූලි 13 දා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා කාලය තුළ ඡන්ද ප්‍රකාශ කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාල වෙත හිමිවූ අතර ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජූලි 14 සහ 15 යන දෙදින තුළ පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා සිදුවිනි.

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවලට ආරක්ෂාව සැපයීමට හා සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම සම්බන්ධ නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින් ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජූලි 16 වන දින පෙරවරු 09 සිට පස්වරු 04 දක්වාත් ජූලි 17 දින පෙරවරු 09 සිට පස්වරු 02 දක්වාත් පැවැත්විණි.

    එමෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජූලි 16 වන දින පෙරවරු 09 සිට පස්වරු 04 දක්වාත් ජූලි 17 දින පෙරවරු 09 සිට පස්වරු 02 දක්වාත් පැවැත්විණි.
    ඒ අනුව අදාළ දිනයට ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු සියලු රාජ්‍ය සේවකයින්ට ඊයේ(20) සහ අද(21) දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
    කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මෙවර මැතිවරණයේ වැඩි කාලසීමාවක් ලබාදී තිබූ බව “පැෆ්රල් සංවිධානයේ“ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
    මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළව ආගමික ස්ථාන පදනම් කරගනිමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
    එවැනි කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස සියලු භික්ෂුන්වන්සේලාගෙන් සහ සියලු පූජ්‍ය උතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම පවසයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya