ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කියා සිටියේය.
“උපාධිධාරීන් ආර්ථිකයට වඩා ඵලදායී අංශ වෙත යා යුතුයි.ආර්ථිකයට ඍජු කොටස්කාරයින් වන උපාධිධාරීන් අපට අවශ්‍ය වෙනවා. ගම්වලට උපාධිධාරී ගුරුවරුන්, කෘෂිකර්මාන්තය පිළිබඳ හරි අවබෝධයක් තිබෙන උපාධිධාරීන් නැහැ. මෙම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍යයි.”
එමෙන්ම, කුමන අංශයක හෝ වේවා උපාධිධාරීන් යනු රටක සිටින හොඳම කොටස වන බවත්, ඔවුන් රටේ ආර්ථිකයට අවශ්‍ය හොඳම දේ සිදුකරන්නට කටයුතු කළ යුතු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් කියා සිටියේය.