වර්ෂ 1952දී ඉදි කරන ලද ලුම්බිණි ලුම්බිණි රගහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන අතර, එහි ශබ්ද පරිපාලන පද්ධතිය, ආසන ප්‍රමාණය, සනීපාරක්ෂක පහසුකම් කාලයට ඔබින සේ යාවත්කාලීන වී නොමැත.
එබැවින්, එය නවීකරණය හා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලසුම් කර ඇති ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සදහා නිර්මාණය කර ඉදිකිරීමේ පදනම යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමටත් තීරණය කර ඇත.