මෙම කමිටුව හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත්ව පිහිටුවීමට නියමිත ය.
රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධ ආයතන රාජ්‍ය බැංකු පිහිටවීමේ මුල් අරමුණු වලින් බැහැරව සහ අදාල පනත් වල විදිවිධාන හා කාර්යයපටිපාටි උල්ලංඝණය කරමින් පසුගිය කාලසීමාව තුළ කටයුතු කර ඇති බව පෙනීගොස් ඇත.
කෝවිඩ් - 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සදහා රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධිත ආයතන විධිමත්ව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතු බවට රජයේ අවධානය යොමු වී තිබේ.