මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය -අමාත්‍ය මහින්ද අමරවීර

    ජූලි 23, 2020

    නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකට ම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙළිවී තිබේ. මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති දැඩි කලද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහලයමින් තිබේ.

    මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී, මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට සහභාගිවූ මාධ්‍යවේදීන් විසින් ඇමතිවරයාගෙන් කරුණු විමසීමක් සිදුකළේය.

    ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, වසර ගණනාවක සිට මේ සම්බන්ධව යම් යම් පියවර ගෙන ඇති බවයි.

    වැඩි දුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා;

     

    ''වර්ෂ 2009 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එරියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා. නොසැලකිලිමත් බව නිසා සිදුවන මාර්ග අනතුරු වලදී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු ලබාදීමට මෙම ක්‍රමය මගින් තීරණය කර තිබුණා. මාර්ග අනතුරු සිදුකළහොත්, එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහලට රියදුරන්ගේ බලපත්‍ර වලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවනවා. අවසානයේ ලකුණු 0 දක්වා කැපීගිය පසු රියදුරු බලපත්‍රය ඉබේම අහෝසි වෙනවා.

    නමුත් මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීම සදහා රියදුරු බලපත්‍රයට ඇතුලත් කරන ලද විශේෂ චිපයක් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණත් එම චිපය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථාන වලට ලබාදීමට පසුගිය සමයේ පියවර ගෙන තිබුණේ නැහැ. එමනිසා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ඇණහිට තිබුණා. ''

    නමුත් ප්‍රවාහනය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය වන්නේ, රියදුරාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට යොදාගත හැකි හොදම උපාය මාර්ග වන්නේ මෙම ලකුණු දීමේ ක්‍රමය බවයි. එමනිසා මෙම ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
    ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අමරවීර මහතා මෙම අදහස් පළකළේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya