මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    මන්නාරම සිය කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වකින්න- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    ජූලි 29, 2020

    දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මේ නිසා මෙම මුහුදු කලාපය තුළ 2020 ජුලි මස 28 දින පස්වරු 4.00 සිට ජුලි 30 දහවල් 12.00 දක්වා ධිවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

    එසේම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන නොගැඹුරු මුහුදු තීර වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානය වල තද වැසි සමග තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම කලාපයේ මුහුදු රළු ස්වභාවයක් ගන්නා බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

    මෙම ප්‍රදේශවල ධීවර කටයුතු සහ නාවික කටයුතු වල නිරත වන ජනතාව ඒ පිළිබද සැළකිලිමත් විය යුතු බව එම නිවේදනයේ තවදුරටත් අවධාරණය කර ඇත.

    පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya