මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා අවදානම් සමයේ දුන් රුපියල් 5000 නැවත අයකර ගැනීමට රජය සූදානමින් සිටින බවට ගෙනයන ප්‍රචාරය අසත්‍යයක්

    අගෝස්තු 03, 2020

    සමෘද්ධි සහනාධාරය කපා දැමීමට සහ කොරෝනා අවදානම් සමයේ ලබා දුන් රුපියල් 5000ක මුදල නැවත අයකර ගැනීමට රජය සූදානමින් සිටින බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

    හම්බන්තොට ප්‍රදේශයේ පැවති හමු කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.

    අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, රන්න සහ හුංගම යන ප්‍රදේශවලදී හමු කිහිපයක්ම පැවැත්විණි.
    එලෙස සමෘද්ධි සහනාධාරය කපා හැරීම හෝ කොරෝනා සහනාධාරයක් වශයෙන් දුන් රුපියල් 5000 නැවත අයකර ගැනීමක් කිසිසේත්ම සිදු නොකරන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනතාවට සහතික වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    විරකැටිය සතිපොළේ සංවිධානය කර තිබූ ජනරැළියට එක්වෙමින් රටට ගමට ආදරය නොකරන අය පාර්ලිමේන්තුවට පත් නොකිරීම ජනතාවගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    වසර පහක කාලයකට බලයට පැමිණ අනාගත පරපුරට අයිති සම්පත් විකිණීම අනුමත කළ නොහැකි බවද කී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය රටට අහිමි වූයේ ද එවැනි අය පාර්ලිමේන්තුවට පත් කිරීම නිසා බව ද කීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya