මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුව (03) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ඡන්දය දීමට මේ අවස්ථාවේ ජනතාවගේ ඇති අනියත බිය සම්බන්ධයෙන් සඳහන් කරමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ සමස්ත ඡන්ද දායකයින් එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක් ලෙස ලියාපදිංචී වී සිටින ඡන්ද දායකයින්ගෙන් එක්කොටි තිස් ලක්ෂයක්වත් එනම් අවම වශයෙන් සියයට අසූවකට වඩා ප්‍රමාණයක්වත් ඡන්දයට භාවිතා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. එහිදී බිය සැකයකින් තොරව ඡන්ද පොළ වෙත පැමිණෙන ලෙස ඔහු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක්ද කළේය.
එමෙන්ම ඡන්දය සඳහා රාජකාරි කටයුතුවල යෙදී සිටින රජයේ සේවකයන්ද ඡන්ද කටයුතුවලට පැමිණීමට මැළිකමක් දක්වන බවත්, එසේ රාජකාරි කිරීමට බිය විය යුතු නැති බවත්, කිසිඳු බියකින් තොරව කටයුතු කිරීමට තරම් ඡන්ද පොළ කොරෝනාවලින් ආරක්ෂිත බවත්, එය ඕනෑම පොදු ස්ථානයකට වඩා ආරක්ෂිත බවත්, දේශප්‍රිය මහතා පැවසීය.