මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද ඇරඹේ

    අගෝස්තු 04, 2020

    මැතිවරණ කොමිසම විසින් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හා ඒවා ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යාම අද (4) සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුව (03)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සියලුම නිකුත් කිරීමේ මධ්‍යස්ථානවලදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීම (04) දින පෙරවරු 08ට ආරම්භ කිරීමට නියමිත බවයි.

    ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධීපතිවරුන් ඇතුලු සියලු දෙනාට අදාළ පත්වීමි ලිපි මේ වන විට භාරදී ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. එමෙන්ම මැතිවරණ රාජකාරිවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන් මේ වන විට ඡන්ද පෙට්ටි ආරක්ෂිතව රැගෙන අදාළ ඡන්ද පොළවල්වෙත වාර්තා කිරීමට නියමිත බවත් ඒ අනුව එක් නිලධාරියෙක් ඡන්ද පෙට්ටි සමඟ මෙන්ම අනෙක් නිලධාරියා ඍජුවම පොලිස් ස්ථානවලින් ඡන්ද පොළ වෙත පැමිනීමට නියමිත බවත්, එහෙත් සමහර ස්ථානවල නිලධාරීන් දෙදෙනාම ඡන්ද පෙට්ටි සමඟ ගමන් කිරීමට නියමිත බවත් දේශප්‍රිය මහතා පැවසීය.

    මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කොටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක් (16,263,885) වන අතර ඡන්ද කොට්ඨාස දොලොස් දහස් හත්සිය හැත්තෑ හතරක්(12,774), ඡන්ද මධ්‍යස්ථාන දොලොස් දහස් නවසිය අසූ පහක්(12,985)ක් පිහිටා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya