දිවයිනෙහි දිස්ත්‍රික්ක 22ක ඡන්ද මධ්‍යස්ථාන 12985ක් පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විටද සිදුවෙමින් පවතී.
අද දින (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසුවේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක පවතින බවයි. එමෙන්ම මැතිවරණයට අදාල ඡන්ද පෙට්ටි බෙදාහැරීම නිසි ආරක්ෂක ක්‍රමවේද යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිදුවන බවද, ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද මැතිවරණ කොමසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.