මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ''පුරුද්දෙන් සුව පැවැත්මක්'' නම් වාර්තාමය වැඩසටහන් අතුළත් සංයුක්ත තැටියක් නිකුත් කෙරේ

    අගෝස්තු 04, 2020

    පාසල් ආරම්භකිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සකස් කරන ලද යහ පුරුද්දෙන් සුව පැවැත්මක් නම් වාර්තාමය වැඩසටහන් අතුළත් සංයුක්ත තැටි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට නිල වශයෙන් භාරදීම අද(04) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

    කොවිඩ් 19 වසංගතය නිසා ලබා දුන් දීර්ග පාසල් නිවාඩුවට පසු එළඹෙන අගෝස්තු 10 වැනි දින සියළුම ශ්‍රේණි සඳහා පාසල් ඇරඹෙන අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් වලට අනුකූලව මෙම සංයුක්ත තැටි සකස් කර තිබේ.එක් පාසලකට එක් සංයුක්ත තැටිය බැගින් ලබාදෙන අතර පාසල් ආරම්භ කිරීමේදී පාසල් දරුවන් මෙන්ම දෙමාපියන්ද මේ පිළිබඳව දැනුම්වත්  කරන මෙන් ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.තවද මෙම පාසල් මාර්ගෝපදේශනය පාසල තුළ සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන මෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අන්‍රග්‍රාහක දායකත්වයෙයෙන් නිෂ්පාදනය කර ඇති මෙම සංයුක්ත තැටි එළඹෙන පාසල් ආරම්භය වනවිට දිවයින පුරා සියලු පාසල් වෙත ලබාදීමට කටයුතු යොදා  ඇත.

     

    මීට අමතර ව මෙම සංයුක්ත තැටිය මගින් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් හෝ සංයුක්ත තැටියෙහි සඳහන් වන තීරු කේතය  (Barcode) පරිශීලනයෙන් youtube වෙතින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ  සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya