අද (04) උදෑසන 7.00 සිට මෙම කටයුතු ආරම්භ වූ අතර පළමු ඡන්ද පෙට්ටිය 7.45 ට ඡන්ද පොල මධ්‍යස්ථානය වෙත නිකුත් කිරීමට හැකි වූ බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන මහතා පවසන ලදී.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 307 ට අදාළ ඡන්ද පෙට්ටි පොලිසියේ ආරක්ෂාව මත යොමු කරන බවත් මෙතෙක් 75% ක ඡන්ද පෙට්ටි අදාල මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව එතුමා පැවසීය.
එමෙන්ම සියළුම ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී රාජකාරි සඳහා පැමිණෙන සියළුම නිලධාරින් සහ කාර්ය මණ්ඩල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කාර්යයන් වලට යොමුකර ඇත.
ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පෙරවරු 11.30 ට පෙර නිම කිරීමට බලාපොරොත්තු වන බවත් හෙට දින පැවැත්වෙන ඡන්දයට අදාල සියළුම කටයුතු අවසන් වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වැඩිදුරටත් කියා සිටියේය.