මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් පැමිණෙන්නේ නැහැ- පැෆරල්

    අගෝස්තු 04, 2020

    විදෙස් ගමන් අවහිර වීම නිසා මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් පැමිණෙන්නේ නැහැ.. නමුත් ඔවුන් මැතිවරණය ගැන අධ්‍යයනයක නිරත වෙනවා. - පැෆරල් සංවිධානය 


    විදෙස් ගමන් අවහිර වීමහේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බවත්, නමුත් ඔවුන් මැතිවරණය ගැන අධ්‍යයනයක නිරත වෙන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    ඔහු පවසන පරිදි මෙවර මැතිවරණයෙහි නිරීක්ෂණ කටයුතු සදහා යුරෝපා සංගමයත්, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයත් වශයෙන් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් පැමිණීමට සූදානම්ව සිට ඇති අතර එම සංවිධාන දෙකම මැතිවරණ කොමිෂන් සභාවත් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇත.

    නමුත් අවාසනාවකට ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවූ අතර, විශේෂයෙන්ම ගුවන්යානා ගමන් අවහිර වීම හේතුකොට ගෙන ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ලංකාවට පැමිණීම පිළිබදව ගැටලුවක් මතුවූ බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    යුරෝපා සංගමය සහ ඇන්ෆර්ල් ආයතනය පැමිණීමට සැලසුම් කර තිබූ අතර, අවසන් මොහොතේ මෙම ආයතන දෙකේම මුළු සංඛ්‍යාවම නැතිව යම් අවම සංඛ්‍යාවක් රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබිණි. නමුත්, ගුවන්යානා ගැටලුව හේතුවෙන් ඔවුන්ටද පැමිණීමට නොහැකි විය.

    නමුත් ඇන්ෆර්ල් ආයතනය මෙවර මැතිවරණය පිළිබදව කිසියම් අධ්‍යයනයක නිරත වන බවට වාර්තා වී ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. ලංකාවේ විශේෂඥයින් සහ රට තුළදී හදුනාගත් විදේශීය විශේෂඥයින් කීපදෙනෙක් සම්බන්ධ කරගනිමින් මෙම මැතිවරණය කෝවිඩ් 19 තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජයගන්නේ කෙසේද, මැතිවරණය පැවැත්වූයේ කෙලෙසද, ඒ සදහා පැවති බාධක මොනවාද, එම බාධක ජයගත්තේ කෙලෙසද යන කරුණු පිළිබදව ඔවුන් අධ්‍යයනය කරන බවත් ඔහු පැවසුවේය. එමෙන්ම ඊට අදාළ වාර්තාවක් බොහෝ විට මැතිවරණය අවසන් වූ වහාම ලබාගැනීමට හැකිවනු ඇති බව ද ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya