මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ඒකාබද්ධ මැතිවරණ අපදා ඒකකයක්

    අගෝස්තු 04, 2020

    පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ඒකාබද්ධ මැතිවරණ අපදා ඒකකයක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි

    අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ මැතිවරණ කොමසාරිස් තුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ විශේෂ මැතිවරණ ආපදා ඒකකයක් අද (04) ආරම්භ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටී.

    එමඟින් මැතිවරණ සාමය තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එකී සියලු ආපදා කළමනාකරණ කටයුතු සිදුකොට ජනතාවට ඡන්ද පහසුකම් ලබා දීමේ ක්‍රියාවලියක් සක්‍රිය කිරීමට කටයුතු කරන බවත්, දිවයින පුරා මැතිවරණ කාර්යයාල සහ ආරක්ෂක අංශ ඇතුළුව ක්ෂණික ප්‍රතිචාර දැක්විය හැකි වන ආකාරයේ විශේෂ සැළැස්මක් මේ සඳහා සකස් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව, භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත 070 – 2117117 / 011 - 3668032 / 011 – 3668087 / 011 – 3668025 / 011- 3668026 / 011-3668119 යන දුරකථන අංක වලට ඇමතීමෙන් හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 114 ක්ෂණික දුරකථන අංකයට හෝ ඇමතීමෙන් මෙම කාල පරිච්ඡේදය තුළ යම් අපදාමය තත්ත්වයක් වුවහොත් ඒ සම්බන්ධයෙන් වාර්තා කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya