මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

    අගෝස්තු 05, 2020

    කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල්තැන දෙමින් මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ විය.

    උදෑසන 07 වන විට දිවයිනේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඇරඹිණි. ඒ අනූව අද උදෑසන ඡන්ද මධ්‍යස්ථාන වලට ජනතාව සෞඛ්‍යාරක්ෂිතව මුඛආවරණ පැළද පැමිණ ඡන්දය ප්‍රකාශ කරන අයුරු දර්ශනය විය.

    සියලු ඡන්ද මධ්‍යස්ථාන වල මීටරේ දුර පවත්වාගනිමින් අදාල උපදෙස් ක්‍රියාත්මක විය. ඡන්ද මධ්‍යස්ථාන වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් විශේෂ කුටි වල සිට ඡන්දපොළ නිලධාරීන් සිය රාජකාරී කටයුතු වල නියැළෙන අයුරු දක්නට ලැබුණි.


    අද උදෑසන වන විට පොලිස් මුර සහ ජංගම මුර සංචාර සිදුකරන ආකාරයද අපගේ නියෝජිතයින්ට දැකගත හැකි වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya