ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරුවා වශයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉන්නවා - මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය.
මැතිවරණයෙහි ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන් වීමත් සමග සවස 05ට ඡන්ද පෙට්ටි වලට සීල් තබන අතර ඒවා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනයන විට ඒ සමග ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ද ආරක්ෂාව තහවුරු කරමින් ගමන් කරන බවද, එම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනගොස් කොටස් වශයෙන් අසුරා නැවත සීල් තබන අවස්ථාව දක්වාද ඡන්ද පෙට්ටි වල ආරක්ෂාවට ප්‍රධාන සාක්ෂිකරු වශයෙන් ශ්‍රී ලංකා පොලීසියද සිටින බව මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍යයට පැවසුවේය.
සමස්ථයක් ලෙස ගත් කළ මෙවර මැතිවරණය නිදහස් සහ සාමකාමී ස්වරූපයක් උසුලමින් සෞඛ්‍යාරක්ෂිතව පැවති බවද නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් පැවසුවේය.
අද දිනය තුළ ජංගම සංචාර 3069ක් සිදුකළ අතර මෙම ජංගම සංචාර සදහා විශේෂ කාර්යය බලකායද යොදවා ඇති බවද සිහිකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ සමස්ථයක් ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සමස්ථයක් ලෙස ඉතා අඩු අගයක් ගත් බවයි.